icon-facebook icon-instagram icon-pinterest icon-soundcloud icon-twitter icon-youtube

වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන්

වෙනත් භාෂාවකින් මෙහි ඇති දෙයට සවන් දෙන්න නැතිනම් කියවන්න

මෙම වෙබ් පිටුවෙහි ඉහල ඇති ලාංචනය මත ක්ලික් කිරීම මගින් මෙම පිටුවෙහි ඇති දෙයට වෙනත් භාෂාවකින් හෝ ඉංග්රීසි භාෂාවෙන් සවන් දිය හැකිය.

මෙම වෙබ් පිටුවෙහි ඉහල ඇති ‘Other Languages’ බොත්තම මත ක්ලික් කිරීම මගින් ඔබට මෙම පිටුව වෙනත් භාෂාවකින් කියවිය හැකිය.

මෙම මාර්ගෝපදේශයේ ඇතුලත් වන්නේ සාමාන්ය තොරතුරු පමණක් වන අතර නීති උපදෙස් ලබාදීමට අදහස් නොකෙරේ.

භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන - දුරකථන උපකාර

ඔබ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කතා කිරීම සඳහා භාෂණ පරිවර්තකයෙකු අවශ්ය නම්, කරුණාකර දුරකථන අංක 131 450 ඔස්සේ Translating and Interpreting Service (භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව) අමතා ඔබගේ භාෂාවේ නම ඉංග්රීසියෙන් කියන්න. ඉන්පසුව දුරකථන අංක 03 8600 2000 ඔස්සේ වික්ටොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය අමතන ලෙස භාෂණ පරිවර්තකගෙන් ඉල්ලා සිටින්න.

විවිධ ප්රදේශවල ඇති අධිකරණ සඳහා ඇති විවිධ දුරකථන අංක පහත දක්වා ඇත. අපගේ වෙබ් අඩවියේ 'අප හා සම්බන්ධවන්න' හි සම්පුර්ණ ලැයිස්තුවක් ඇත: www.supremecourt.vic.gov.au/contact-us.

සේවාව සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා Translating and Interpreting Service (භාෂා පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවා වෙබ් අඩවිය) වෙත පිවිසෙන්න.

වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන්

වික්ටෝරියාවේ ඇති ඉහලම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. ප්රාන්තයේ ඇති වඩාත්ම සංකීර්ණ සහ බරපතල අපරාධ සහ සිවිල් නඩු මෙහි අසයි. වික්ටෝරියානු අධිකරණ සහ පර්ෂද මගින් පැමිණෙන අභියාචනද මෙහිදී අසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අසන නඩු

අධිකරණය ඉදිරියේ දැනට ඇති නඩු විභාග සඳහා, පහත වෙබ් අඩවියේ දිනපතා නඩු ලැයිස්තුව බලන්න www.supremecourt.vic.gov.au/daily-hearing-list

මෙල්බර්න් හි අසන නඩු

බොහෝ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අසන්නේ මෙල්බර්න් හිය. මෙල්බර්න් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු සම්බන්ධ දිනපොත පහත වෙබ් අඩවියෙන් බලා ගත හැක www.supremecourt.vic.gov.au/going-to-court/court-calendar

ප්රාදේශීය වශයෙන් අසන නඩු

අධිකරණය ප්රාදේශීය වශයෙන් නඩු ඇසීම සඳහා බලරට්, බෙන්දිගෝ, ජීලොන්ග්, හැමිල්ටන්, හොර්ස්හම්, මොර්වෙල්, මිල්දුරා, සෙල්, ශේපෙර්ටෝන්, වන්ගරාට, වර්නම්බුල් සහ වොදොන්ග ඇතුළු වික්ටෝරියා පුරා ප්රදේශවලට සංචාරය කරයි.
ප්රාදේශීය වශයෙන් නඩු අසන තැන් සම්බන්ධ දින පොතක් පහත වෙබ් අඩවියේ ඇත: www.supremecourt.vic.gov.au/going-to-court/court-calendar/regional-circuit-court-calendar

ප්රාදේශීය වශයෙන් අසන නඩු (‘සංචාරක’) සඳහා සම්බන්ධවීමේ තොරතුරු

අභියාචනා අධිකරණය සංචාරක: ඊමේල්: pbnertvfgel@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@yrtsigeraoc

පොදු නීති අංශය සිවිල් සංචාරක: ඊමේල්: pvivy.pvephvgf@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@stiucric.livic

අපරාධ අංශය සංචාරක: ඊමේල්: pevzvanyqvivfvba@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@noisividlanimirc

අධිකරණයට යාම

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අසන බොහොමයක් නඩු බැලීම සඳහා අධිකරණයට යාමට හැකියාවක් ඇත. වැඩිදුර විස්තර සඳහා attending court (අධිකරණයට යාම) පිටුව බලන්න.

Supreme Court of Victoria: The highest court in Victoria (වික්ටොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය: වික්ටෝරියාවේ ඇති ඉහලම අධිකරණය) යන පොත් පිංච බාගත හැකිය.

ගාස්තු

වර්තමාන ගාස්තු ලැය්ස්තුවක් වෙබ් අඩවියෙහි ඇත, නැතිනම් ප්රධාන කාර්යාලයෙන් හෝ අභියාචනා අධිකරණයේ කාර්යාලයෙන් ලබා ගත හැකිය.

අපරාධ අංශයේ අසන නඩු සඳහා ගාස්තු නොමැත.

ගාස්තු අත් හැරීම

ගාස්තු ගෙවීම මගින් ඔබට මුල්‍ය දුෂ්කරතාවයක් ඇති වේ නම්, ඔබ විසින් Fee Waiver Application form (ගාස්තු අත් හැරීම සඳහාවූ ඉල්ලුම් පත්රයක්) පිරවීම මගින් ගාස්තු අත් හැරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කල හැකිය (මෙයින් අදහස් වන්නේ ඔබ විසින් ගාස්තු නොගෙවිය යුතු බවය). ඔබ විසින් අයදුම්පත්රයේ ඉදිරිපත් කරන තොරතුරු සනාථ කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කල යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ වියුහය

ශ්‍රේෂ්ඨාධිකරණය සැදී ඇත්තේ නඩු අසන අංශය සහ අභියාචනා අංශයේ එකතුවක් මගිනි. අධිකරණය මගින් තව පරිපාලන කටයුතු ගණනාවක්ද ඉටු කෙරේ.

Structure dia

 

විවිධ අංශවලට විනිශ්චයකාරවරුන් පත් කරන ආකාරය සම්බන්ධ වැඩිදුර තොරතුරු Judicial Organisational Chart (විනිශ්චය සංවිධාන සටහන) මගින් බලාගත හැකිය.

අභියාචනා අධිකරණය සම්බන්ධව

කවුන්ටි අධිකරණ (County Court) සහ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අසන අංශවල විනිශ්චයකාරවරුන් ගනු ලබන තීරණවලට එරෙහි අභියාචනා Court of Appeal (අභියාචන අධිකරණය) මගින් තීරණය කරනු ලැබේ. වික්ටෝරියානු සිවිල් සහ පරිපාලන පර්ෂදයේ (Victorian Civil and Administrative Tribunal (VCAT)) සභාපති සහ උප සභාපතිවරුන් විසින් ගනු ලබන තීරණවලට එරෙහි අභියාචනද ඒ මගින් තීරණය කරනු ලැබේ.

නඩු විභාගයක් සාධාරණ ආකාරයට පවත්වුවාද යන්න සහ නීතිය නිසි ආකාරයට අදාල කර ගත්තාද යන්න අධිකරණය මගින් තීරණය කෙරේ. සාමාන්යයෙන් විනිසුරුවන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු අභියාචනයක් අසනු ඇත.

බොහෝ අවස්ථාවලදී අධිකරණයට අභියාචනයක් ගෙන ඒමට පෙර අභියාචනා අධිකරණයෙන් අවසර ගැනීමට අයදුම් පත්රයක් ඉදිරිපත් කල යුතුවේ. මෙයට 'අභියාචනයට අවසර ඉල්ලීම' ලෙස හඳුන්වය්.

සම්බන්ධවීමේ තොරතුරු

දුරකථන: 03 8600 2001

ඊමේල්: pbnertvfgel@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@yrtsigeraoc

නඩු අසන අංශය සම්බන්ධයෙන්

නඩු අසන අංශයේ වෙනත් අංශ ගණනාවක් ඇත. මේවා පහත විග්රහ කර ඇත.

අපරාධ අංශය

වික්ටොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය Criminal Division (අපරාධ අංශය) මගින් මිනීමැරීම, සාවද්ය මනුෂ්ය ඝාතනය, මිනි මැරීමට තැත් කිරීම, සහ ත්රස්තවාදය ආදී බරපතල අපරාධ නඩු විභාග අසනු ඇත.

අපරාධ අංශයේ විනිසුරුවන් විසින් 1977 ඇප පනත ඇතුළු පනත් ගණනාවක් යටතේ ඉදිරිපත් කරන අයදුම්පත් සලකා බලනු ලැබේ.

සම්බන්ධවීමේ තොරතුරු

අපරාධ ලේකම් කාර්යාලය: දුරකථන: 03 8600 2059, ඊමේල්: pevzvanyqvivfvba@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@noisividlanimirc .

වාණිජ අධිකරණය

Commercial Court (වාණිජ අධිකරණය) මගින් සංකීර්ණ (වෙළදාමට ආශ්රිත) මතබේද සම්බන්ද නඩු අසනු ඇත. සෑම නඩුවක්ම අධිකරණ නිලධාරියකු මගින් කළමනාකරණය කරන වාණිජ අධිකරණ ලැයිස්තුවකට ඇතුල් කරනු ලැබේ. විශේෂිත ලැයිස්තුද ඇත, ඒවා මගින් විශේෂිත නීති කේෂ්ත්ර අදාල කරුණු සම්බන්දයෙන් කටයුතු කරනු ඇත.

සම්බන්ධවීමේ තොරතුරු

(වාණිජ අධිකරණ ලේකම් කාර්යාලය: දුරකථන: 03 8600 2002, ඊමේල්: pbzzrepvnypbheg@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@truoclaicremmoc

 සත්ය වශයෙන්ම හදිසි වාණිජ අධිකරණ කරුණු වාණිජ අධිකරණයේ රාජකාරි විනිසුරුවෙක් මගින් ඇසිය හැකිය.

  • රාජකාරි වේලාවල: (පෙව 9.00 - පව 5.00) දුරකථන: 03 8600 2002
  • රාජකාරි වේලාවලින් පිටත සහ සති අන්තයේ: දුරකථන: 0439 153 522 හෝ එම අංකය ප්රතිචාර නොදැක්වී නම්: 0447 054 310

පොදු නීති අංශය

Common Law Division (පොදු නීති අංශය) මගින් පුද්ගලික හිංසනය, වෘත්තිය වගකීම (වෘත්තීකයකුගේ නොසැලකිල්ල හේතුවෙන් හානියට පත් වුවෙකු විසින් ගෙන එනු ලබන නඩු කටයුත්තක්), දේපල, සහ බූදල් අන්තිම කැමති පත්ර අදාල ආරවුල් ඇතුලු නඩු කටයුතු ගණනාවක් කළමනාකරණය කරනු ඇත. මේ මගින් සමහර අභියාචනා, සහ මහජන ආයතන සහ නිලධාරීන් ගනු ලබන තීරණවලට අදාල සමාලෝචනද අසනු ලැබේ.

නඩු කටයුතු විශේෂඥ ලැයිස්තුවකට දැමිය යුතුය. එක් එක් ලැයිස්තුව කටයුතු කරන්නේ විශේෂිත නීති ක්ෂේත්රයක් සම්බන්ධයෙන් වන අතර එම කේෂ්ත්රයේ විශේෂඥ නීති නිලධාරියෙකු මගින් ඒවා කළමනාකරණය කරනු ඇත. වෘත්තිය සම්බන්ධ දැන්වීම - Specialist Lists in the Common Law Division (පොදු නීති අංශයේ විශේෂඥ ලැය්ස්තුව) - මගින් විශේෂඥ ලැයිස්තුවල නම් ලබා දෙන අතර එක් එක් ලැයිස්තුවට අදාල නඩු කටයුතුවල කෙටි හැඳින්වීමක්ද ලබා දෙනු ඇත. නඩු කටයුත්ත අරඹන පාර්ශ්වය විසින් අදාල නඩු කටයුත්ත සඳහා නිසි විශේෂඥ ලැයිස්තුවක් නම් කල යුතුය.

සම්බන්ධවීමේ තොරතුරු

ප්රධාන ලේකම් කාර්යාලය (පොදු නීති): දුරකථන: 03 8600 2008

 සත්ය වශයෙන්ම හදිසි පොදු නීති කරුණු Practice Court (ප්රායෝගික අධිකරණයේ) ඇසිය හැකිය.

  • රාජකාරි වෙලාවල: (පෙව 9.00 - පව 5.00) දුරකථන: 03 8600 2036 ඊමේල්: cenpgvpr.pbheg@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@truoc.ecitcarp
  • රාජකාරි වේලාවලින් පිටත සහ සති අන්තයේ: දුරකථන: 0412 251 757

වියදම් අධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණයේ, කවුන්ටි අධිකරණයේ, සහ වික්ටෝරියානු සිවිල් සහ පරිපාලන පර්ෂදය (Victorian Civil and Administrative Tribunal (VCAT)) යන තැන්වල ඇසු පාර්ශවයන් අතර මුදලක් සම්බන්ධ ආරවුල් ඇති නඩු කටයුතු Costs Court (වියදම් අධිකරණයේ) හිදී අසනු ඇත. නීතිඥයන් සහ ඔවුන්ගේ සේවාදායකයන් අතර ඇති ආරවුල් ද මෙහිදී අසනු ලැබේ. වියදම් අධිකරණය මගින් වියදම පරීක්ෂා කර ඇගයීමක් සිදු කරනු ඇත (මෙය වියදම් බදු කිරීම යනුවෙන් හැදින්වේ). උදාහරණ වශයෙන්, අධිකරණය මගින් නීතිඥයකුගේ බිල අඩු කිරීම, හෝ නඩු කටයුත්තකදී එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට වියදම් ගෙවන ලෙස නියම කල හැකිය.

诉讼费法庭审核诉讼费用并作出评估(这个过程被称为“审定”诉讼费用)。例如,法庭可能会降低律师的诉讼费账单数额,或命令案件一方向另一方支付诉讼费。

සම්බන්ධවීමේ තොරතුරු

දුරකථන: 03 8600 2007

ඊමේල්: pbfgf.pbheg@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@truoc.stsoc

 නඩු කටයුත්තකදී ඔබ විසින් ඔබව නියෝජනය කිරීමට (නීතිඥයකු නොමැතිව) ඔබ සලකා බලන්නේද?

 ශ්‍රේෂ්ඨාධිකරණයේ තමාව නියෝජනය කර ගනු ලබන නඩු කියන අයගේ සම්බන්ධීකාරක (Self-Represented Litigants (SRL)) හට ඔබට පහත ආකාරයට උපකාර කල හැකිය:

  • ක්රියාපටිපටික සහ ප්රායෝගික මාර්ගෝපදේශ (නීති උපදෙස් නොවේ)
  • ආරවුල් විසදවා ගත හැකි විකල්ප මාර්ග
  • නොමිලේ හෝ අඩු වියදමට නීති සේවා ලබාදෙන සංවිධාන (we can help you find legal representation (ඔබට නීති නියෝජනයන් සොයා දීමට අපට හැකිය)).
  • නඩු කටයුතු ගණනාවකදීම ඔබව තනියෙන් නියෝජනය කර ගැනීමට මාර්ගෝපදෙස්.

 SRL Coordinator සඳහා සම්බන්ධවීමේ තොරතුරු

 ඔබ SRL Coordinator සමග සම්බන්ධවීමට කැමතිනම්, කරුණාකර හමුවීමක් පිළියෙළ කර ගන්න.

 දුරකථන: 03 8600 2031

 ඊමේල්: Haercerfragrq@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@detneserpernU

 සම්බන්ධීකාරකගේ කාර්යාලය පිහිට ඇත්තේ Supreme Court Principal Registry තුලය.

අධිකරණ සේවා

ප්රධාන ලේකම් කාර්යාලය

Supreme Court Principal Registry මගින් පහත සේවා ඇතුළුව පරිපාලනමය කටයුතු ගණනාවක් ඉටු කරයි:

  • අධිකරණ ලිපි ගොනු ආරක්ෂාකාරීව නඩත්තු කිරීම සහ ගබඩා කර තැබීම
  • සිතාසි නිකුත් කිරීම (නඩු කටයුත්තකදී යම් අයෙකු හට සාක්ෂි දීමට, හෝ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නඩු කටයුත්තට පැමිණීමට බල කරන නීත්යනුකුල ලියවිල්ල)
  • නීති ලිපි ලේඛන විදෙස් වල භාර දීම
  • ලිපි ලේඛනවල පිටපත් ඉදිරිපත් කිරීම
  • හදිසි කරුණු සම්බන්දයෙන් ක්රියාපටිපටික උපදෙස් ලබාදීම
  • අධිකරණ ගාස්තු අයකර ගැනීම

කාර්යාල ලේකම් කාර්ය මණ්ඩලය මගින් ඔබ හට නීති උපදෙස් ලබා දිය නොහැක. ඔවුන් විසින් අධිකරණය, එහි රීතින්, ක්රියාපටිපටිකම් සහ ක්රියාවලීන් සම්බන්දයෙන් සාමාන්ය විස්තර ලබා දිය හැකිය.

සම්බන්ධවීමේ තොරතුරු:

දුරකථන: 03 8600 2004

ලිපිනය :

451 Little Bourke Street

Melbourne VIC 3000

විවෘතව තබන වේලාවන්: ප්රසිද්ධ නිවාඩු දින හැර සඳුදා - සිකුරාදා පෙව 9.30 සිට පව 4 දක්වා

අන්තිම කැමති පත්ර සහ ප්‍රොබේට් බලපත්ර

Probate Office (ප්‍රොබේට් කාර්යාලය) මගින් පහත සියලුම අයදුම්පත්ර සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත:

  • ප්‍රොබේට් බලපත්ර ලබාදීම (මියගිය අයෙකුගේ වත්කම් සම්බන්දයෙන් කටයුතු කිරීම සඳහා පොල්මක්කරු සහ අද්මිනිස්ත්රාසිකරු හට බලය ලබා දෙන අධිකරණයෙන් දෙන නීත්යනුකුල ලියවිල්ල), සහ
  • අද්මිනිස්ත්රාසිකරනය (මියගිය අය අවසාන කැමති පත්රයක් තබා නොගිය විට)

ප්‍රොබේට් කාර්යාලය මගින් පහත සඳහන් ඕනෑම සාමාන්ය උපදෙසක් ලබා දිය හැකිය:

  • මියගිය අයගේ බුදලය සම්බන්ධයෙන් ප්‍රොබේට් බලපත්රය ලබා දීම සහ අද්මිනිස්ත්රාසිකරනය කිරීම
  • ප්‍රොබේට් බලපත්රය සහ අද්මිනිස්ත්රාසිකරනය කිරීම සඳහා ඉල්ලා සිටීම
  • 'කුඩා බුදල්' සේවා
  • ප්‍රොබේට් වාර්තා සෙවුම
  • ප්‍රොබේට් පෝරම සහ ගාස්තු

සම්බන්ධවීමේ තොරතුරු

දුරකථන: 03 8600 2000 (1 වන විකල්පය)

ඊමේල්: cebongr@fhcpbheg.ivp.tbi.nhua.vog.civ.truocpus@etaborp

ලිපිනය:

451 Little Bourke Street

Melbourne VIC 3000

විවෘතව තබන වේලාවන්: ප්රසිද්ධ නිවාඩු දින හැර සඳුදා - සිකුරාදා පෙව 9.30 සිට පව 4 දක්වා

අධිකරණයේ මුදල්

සිවිල් නඩු කටයුතුවලදී අධිකරණය වෙත ලැබෙන Funds in Court (අධිකරණයේ ඇති මුදල්) කළමනාකරණය කිරීමට Senior Master නමින් හැඳින්වෙන විශේෂ විනිසුරුවෙකු උපකාර කෙරේ. මෙම මුදල් 'ප්රදාන' හෝ 'ප්රදාන-නොවන' මුදල් වශයෙන් ගෙවනු ලැබේ.

'ප්රදාන-නොවන' හෝ 'ආරවුලට ලක් වූ' මුදල් අතරට වියදම් ලෙස ආරක්ෂාවට ගෙවූ මුදල්, හෝ අරමුදල් සම්බන්ධයෙන් ආරවුලක් ඇති විට අධිකරණ කටයුත්තක අවසානය බලාපොරොත්තුවෙන් තිබෙන මුදල් ආදියවේ.

'ප්රදාන' අරමුදල් පරිපාලනය කරන්නේ 'අර්ථලාභීන්' වෙනුවෙනි. ඔවුන් නම් අධිකරණයක් මගින් වන්දි මුදලක් ලබාදී ඇති මුත් ඔවුන්ගේ වයස අවුරුදු 18 ට අඩුවීම හෝ හදිසි අනතුරකින්, පීඩාවක් හෝ අසනීපයකින් හෝ බුද්ධිමය වශයෙන් බෙලහීනවීමක් හේතුවෙන් ඔවුන්ගේ අරමුදල් ඔවුන් හට කළමනාකරණය කල නොහැකිවූ අයවේ.

අධිකරණයේ ඇති මුදල් වෙබ් අඩවිය (www.fundsincourt.vic.gov.au/) මගින් 'ප්රදාන' සහ 'ප්රදාන-නොවන' අරමුදල් සම්බන්ධ සම්පුර්ණ විස්තරයක් ඇතුලත්වේ.

සම්බන්ධවීමේ තොරතුරු

දුරකථන: 1300 039 390

දුරකථන (විදේශ සිට ඇමතුම් සඳහා): 61 3 9032 3777

ඊමේල්: svp@fhcerzrpbheg.ivp.tbi.nhua.vog.civ.truocemerpus@cif

ලිපිනය

Level 5, 469 La Trobe Street

Melbourne VIC 3000

විවෘතව තබන වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා පෙව 9 - පව 5

ජුරිස් වික්ටෝරියා (Juries Victoria)

ඔබව අහඹු ලෙස මැතිවරණ නාම ලේඛනයෙන් ජුරි සේවය සඳහා තෝරාගෙන ඇතිනම්, ඔබට Juries Victoria (ජුරිස් වික්ටෝරියා) වෙතින් වැඩිදුර විස්තර සොයා ගත හැකිය.

සම්බන්ධවීමේ තොරතුරු

දුරකථන: 03 8636 6800

ඊමේල්: vasb@whevrf.ivp.tbi.nhua.vog.civ.seiruj@ofni

ලිපිනය

Juries Victoria

Ground Floor, County Court Building

250 William Street

Melbourne VIC 3000

විවෘතව තබන වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා පෙව 8.45 - පව 4.30

වික්ටෝරියානු නීති පුස්තකාලය

Law Library of Victoria (වික්ටෝරියානු නීති පුස්තකාලය) අධිකරණ මෙන්ම නීති වෘර්තියට සහ ප්‍රජාවට වැදගත් මුලාශ්‍රයකි. මෙහි ශ්‍රේෂ්ඨාධිකරණය, කවුන්ටි අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, සහ VCAT හි ඇති සෑම දෙයකම එකතුවක් ඇත. වික්ටෝරියානු නීති පුස්තකාලයෙන් පොදු මහජනතාවට අයිතමයන් බැහැර ගත නොහැකි මුත් විවෘතව තබන වෙලාවලදී (වික්ටෝරියානු නීති පුස්තකාලය ශ්‍රේෂ්ඨාධිකරණය නැරඹිය හැකිය. පුස්තකාලය සතුව පුස්තකාලයේ පරිගණක මත මහජන භාවිතය සඳහා පූළුල් පරාසයක ඩිජිටල් නීති සම්පත් ඇත.

වෙබ් අඩවිය: www.lawlibrary.vic.gov.au

ලිපිනය

The Supreme Court Library

210 William Street

Melbourne VIC 3000

විවෘතව තබන වේලාවන්

සඳුදා – බ්රහස්පතින්දා පෙ.ව. 8.30 –ප.ව. 6.00

සිකුරාදා පෙ.ව. 8.30 –ප.ව. 5.00